භූ කම්පනයෙන් විනාශයට පත් නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ ඓතිහාසික ස්ථාන යළි විවෘත කිරීම සඳහා එරට රජය යුහුසුළු වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන රැසක් නටඹුන් බවට පත්විය.
නේපාලය වෙත ඉහළ ආදායමක් ලබාදෙන මෙම ස්ථාන සංචාරකයන්ගේ නොමද ආකර්ෂණය ලැබූ පෞරාණික උරුමයන් බව කියැවෙයි.
ඓතිහාසික ඩර්බාර් චතුරස්‍රය, මහා විනිසුරු සභාව ආදී වශයෙන් භූ කම්පනයෙන් දැඩි හානි පැමිණුනු මෙකී ස්ථාන යළි විවෘත කිරීමේදී, ඒ වෙත පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය විශේෂ සැලකිල්ලක් යොමුකොට තිබුණත්, නේපාල බලධාරීන් පවසා ඇත්තේ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් සැලකිලිමත්ව ඇති බවයි.