අසල්වැසි නේපාලයේ පුද්ගලයන් 9 දෙනෙකුට මරු කැඳවමින් ඇති නායයෑමෙන් පසු සන්කෝෂි ගංගාව හරස්වීම නිසා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට දැඩි ජල ගැල්මක අනතුරක් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඒ අනුව, බිහාර් ප්‍රාන්තයේ ලක්ෂ 4ක පමණ ජනතාවක් මෙම ගංවතුර තර්ජනයට මුහුණ දෙනු ඇති බව පැවසෙයි.
අධික වර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීමෙන් සන්කෝෂි ගංගාව හරස් වී වේල්ලක් ආකාරයෙන් සැකසී ඇති බවත්, කියැවෙයි.
එහිදී, නේපාලය මෙම ජලය ඉවත් කිරීම සඳහා එම පස් බැමි කඩා ඉවත් කිරීමට කටයුතු කළහොත් අධික ජනගහනයක් ජීවත් වන බිහාර් ප්‍රාන්තයට මහා සැඩ පහරයක් ලෙස ජලය ගලාඒමට ඉඩ ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.