ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විසින් නේටෝ සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දී තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකළ ප්‍රථම සංචාරයේදී පැවති ධවල මන්දිර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ට්‍රම්ප් 100%ක්ම නේටෝව සමග සිටින බවයි.
නේටෝව සම්බන්ධයෙන් මීට පෙර ට්‍රම්ප් කවරක් පවසා සිටියද, ඔහු නේටෝව අත් නොහරින බව බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසා සිටියාය.
මේ අතර, ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය නායක දෙපළ විසින් දෙරටේ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
මේ අතර, බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විසින් මෙම වසර අගභාගයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයකට පැමිණෙන ලෙස ට්‍රම්ප් වෙත සිදුකරන ලද ඇරයුම ඔහු පිළිගත් බවද තේරේසා මේ පවසා සිටියාය.
ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර සිදුවන වෙළෙඳ ගිවිසුම් දෙරටේම ජාතික අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් සිදුවන බවද තේරේසා මේ පවසා සිටියාය.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සිදුවන තුරු මෙම වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් බ්‍රිතාන්‍යයට නොමැති අතර, ට්‍රම්ප් පවසා සිටියේ එම බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් අනතුරුව හැකි ඉක්මණින් බ්‍රිතාන්‍ය සමග වෙළෙඳ ගිවිසුම්වලට යන බවයි.