නැගෙනහිර යුක්රේනයේ දුම්රිය ස්ථානයක සිසිලන පහසුකම් සහිත දුම්රිය මැදිරිවල තැන්පත් කර තිබූ MH17 දුම්රියේ ගමන්ගත් මගීන්ගේ මළ සිරුරු නෙදර්ලන්ත පරීක්ෂකයන්ට සෝදිසි කිරීම සඳහා රුසියානු හිතවාදීන් විසින් අවස්ථාව ලබාදී තිබේ.
එහිදී නෙදර්ලන්ත විශේෂඥයන් තිදෙනෙකු බී.බී.සී.ය වෙත පවසා තිබුනේ මෙම දුම්රිය පසුව ටොරේස් නගරය වෙත ළඟාවනු ඇති බවයි.
පසුගිය බ්රහස්පතින්දා කඩා වැටුණු මෙම යානයේ ගමන්ගත් 298ක් වූ සියලුම පිරිස ජීවිතක්ෂයට පත්වූ අතර, ඇමෙරිකාව ප්රමුඛ සෙසු බටහිර ජාතීන් මෙම ප්රහාරය සම්බන්ධයෙන් රුසියාවට ඇඟිල්ල දිගු කරන්නට විය.
යුක්රේනයේ නැගෙනහිර කලාපයේ සටන් ඇවිලීම ගුවන් යානා අනතුර සමග යම්කිසි මන්දගාමී ස්වරූපයක් උසුලා තිබුණද, අද දිනයේදී රුසියානු හිතවාදීන්ගේ පාලනයේ පවතින ඩොනෙට්ස්ක් නගරයේ ප්රබල ගැටුම් ඇවිලී තිබුණි.