චෝදනා ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙනුවෙන් 2001 වසරේදී හානි පූර්ණය කිරීමේ සිදුවීමක් මූලික කරගනිමින් නෙදර්ලන්ත අධිකරණ අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්ව තිබේ.
නෙදර්ලන්ත අධිකරණ අමාත්‍ය ආර්ඩ් වැන් ඩර් ස්ටුවර් මේ ආකාරයෙන් සිය ධුරයෙන් ඉවත්වීම එරට අග්‍රාමාත්‍ය මාර්ක් රුටේ ප්රමුඛ රජයට බලවත් පහරක් බව විදෙස් වාර්තා පවසයි.
ඔහු නියෝජනය කරන මධ්‍ය දක්ෂිණාංශික ලිබරල් පක්ෂය මාර්තු මාසයේදී පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් මත විමසුමක සිටින මොහොතක මෙම ඉල්ලා අස්වීම සිදුවීමද විශේෂත්වයකි.
2001 වසරේ සිදුවූ මෙම සිදුවීමට අදාළව රුටේ ඇමති මණ්ඩලයේ ඉල්ලා අස්වූ තුන්වැනි අමාත්‍යවරයා බවට අධිකරණ අමාත්‍යවරයා පත්වනු ඇත.