තායිලන්තය තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයේදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් එරට තුළ යුද නීතිය ක්රියාත්මක කිරීම අරඹා තිබේ.
මෙසේ යුද නීතිය ක්රියාත්මක කිරීමත් සමග එරට හමුදාව බැංකොක් නුවර සහ නගරයෙන් පිට ප්රධාන ස්ථානවල මුර සංචාරයේ නිරතව සිටින ආකාරය දැකිය හැකිය.
යුද නීතිය මගින් විශාල බලයක් හිමිවන නමුත් යුද හමුදා කුමන්ත්රණයක් සැලසුම් නොකරන බවත් එය ක්රියාත්මක කරනුයේ මහජන ආරක්ෂාව සඳහා පමණක් බවත් යුද හමුදාව ප්රකාශ කර තිබේ.
ඒ අනුව, මේ වනවිට මහා මාර්ග යුද ටැංකි මගින් අවහිර කොට ඇති අතර ගුවන්විදුලි සහ රූපවාහිනී ආයතන වසා දමා තිබේ.
රජයට විරුද්ධ කණ්ඩායම් විසින් ගෙන ගිය ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් හිස්ව තිබූ රජයේ ප්රධාන ගොඩනැගිලිවලට යුද හමුදාව ගොස් ඇති බවටද එරටින් වාර්තා වෙයි.
රජය දූෂිත පරිපාලනයක් පවත්වාගෙන යන බව පවසමින් ප්රතිවිරුද්ධ කණ්ඩායම් විරෝධතා දියත් කිරීම හේතුවෙන් එම ගොඩනැගිලි හිස්ව තිබිණි.
යුද නීතිය පැනවීමේදී යුද හමුදාව රජය සමග සාකච්ඡා කර නොමැති බවද එරටින් වාර්තා වෙයි.