නීතිවිරෝධී අන්දමින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයන් වැළැක්වීමේ වැඩපිළිවෙළ සාර්ථක වෙමින්, ගත වූ දින සියයක කාලයේදී අනවසර සංක්‍රමණිකයන් රැගත් එකදු බෝට්ටුවක්වත් ඔස්ට්‍රේලියා වෙරළට ළඟා වී නොමැති බව අගමැති ටෝන් ඇබොට් පවසයි.
අගමැතිවරයා මෙසේ පවසා සිටියද මෙම කාලය තුළ සාගරයේදී කොපමණ බෝට්ටු ප්‍රමාණයක් ආපසු හරවා යැව්වේද යන්නට හෙතෙම පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද පැවසෙයි.
එනම්, ඉන්දුනීසියා සහ ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා අනුව ඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සරණාගතයන් රැගත් බෝට්ටු කිහිපයක් ඉන්දුනීසියානු මුහුදු සීමාව වෙත ආපසු ඇදගෙන ගොස් ඇති බව බී.බී.සී.ය පෙන්වා දෙයි.
මේ අතර, දැනට ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයන්ට එරට නාවික හමුදා සාමාජිකයන්ගේ අඩම්තේට්ටම්වලට ලක්වීමට සිදුවන බවටද මාධ්‍ය වාර්තා පළ වන බව බී.බී.සී.ය පවසයි.