නිව්යෝක් නගරයේ ප්රකට ලිබර්ටි ප්රතිමාව තුළ තිබූ සැකකටයුතු පාර්සලයක් හේතුවෙන් එහි සිටි සංචාරකයන් වහාම ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.
ලිබර්ටි දූපතේ පිහිටි ලිබර්ටි ප්රතිමාවට බෝම්බ ප්රහාරයක් එල්ල වීමේ අවදානමක්ද පැවති අතර, මේ සමගම සැකකටයුතු පාර්සලයද මෙසේ සංචාරකයන් ඉවත් කිරීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, පැය කිහිපයක් සිදුකළ දැඩි සෝදිසි කිරීමකින් පසුව ඒ අවට කලාපය නැවත සංචාරකයන් සඳහා විවෘත කර තිබුණි.
මේ අතර, දූපත වෙත සංචාරකයන් ප්රවාහනය කරන යාත්රා සේවයද මෙම බෝම්බ සිදුවීමත් සමග අත්හිටුවා තිබුණු බව කියැවෙයි.