නිව්යෝක් හි මෑන්හැට්න් නුවරදී ට්රක් රථයක් පාපැදි මගකට යොමුකර පුද්ගලයන් 8 දෙනෙකුට මරු කැඳවූ ජිහාඩ් ත්රස්ත සැකකරුවට මරණ දඬුවම ලබාදිය යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබේ.
මේ අතර, මෙම ප්රහාරය සිදුකළ 29 හැවිරිදි සෙයිෆුලෝ සයිපෝව් පොලීසිය හමුවේ ප්රකාශ කර ඇත්තේ පසුගිය අඟහරුවාදා සිදුකළ ප්රහාරය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
මෙම හැලෝවින් ප්රහාරය අවස්ථාවේදී හැකිතාක් මිනිසුන් ඝාතනය කිරීම තම ඒකායන අරමුණ වූ බවත් ඔහු පොලීසියට පවසා ඇත.
මොහු කුලී පදනම මත ලබාගත් ට්රක් රථයේ හප්පා ඝාතනය කළ පුද්ගලයන් අතරින් පස් දෙනෙකු ආර්ජන්ටිනා ජාතිකයන් වන අතර, ඔවුන් නිව්යෝක් සංචාරයකට පැමිණි පිරිසකි.