නැගෙනහිර යුක්රේනය වෙත මානුෂීය ආධාර රැගත් ලොරි රථ 300ක් පමණ මොස්කවු නගරයෙන් පිටත් වූ බව රුසියානු බලධාරීහු පවසති.
රුසියානු මාධ්‍ය පෙන්වා දෙන පරිදි මෙම ලොරි රථවල ටොන් ගණනක් වූ ධාන්‍ය, ළදරු ආහාර, ඖෂධ ඇති බව කියයි.
රුසියානු හිතවාදීන් පාලනය කරන නැගෙනහිර යුක්රේන කලාපයේ රැඳී සිටින සාමාන්‍ය ජනතාවට මෙම මානුෂීය ආධාර සපයන බව රුසියාව කියයි.
එමෙන්ම, මෙම මානුෂීය මෙහෙයුම සඳහා යුක්රේන රජය එකඟ වූ බවද රුසියාව කියයි.
නමුත්, බටහිර රාජ්‍යයන් චෝදනා නගන්නේ මේ මානුෂීය ආධාර තත්ත්වය තුළ රුසියාව නැගෙනහිර යුක්රේනයේ රැඳී සිටින කැරලිකරුවන්ට ආධාර සපයන බවයි.