නැගෙනහිර යුක්රේනයේ ගුවන් තොටුපොළ නැවත අත්පත් කරගනී
නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් නගරයේ ගුවන් තොටුපොළ නැවත අත්පත් කරගැනීමට තම හමුදාවන්ට හැකිවූ බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
මෙම සටනේදී අවම වශයෙන් රුසියානු හිතවාදී කැරලිකරුවන් 30ක් පමණ මරණයට පත්ව ඇති බව පැවසෙන අතර, ඉන් තම හමුදාවන්ට කිසිදු හානියක් සිදු නොවූ බවද යුක්රේනය පවසයි.
පසුගිය සඳුදා දිනයේදී ගුවන්තොටු පොළ අත්පත් කරගැනීමට රුසියානු හිතවාදීන් කටයුතු කළත්, එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට යුක්රේන හමුදාව සමත්ව තිබේ.
යුක්රේනයේ නව ජනාධිපති පේට්‍රෝ පොරොෂෙන්කෝ පවසා සිටියේ, නැගෙනහිර යුක්රේනයේ සිටින බෙදුම්වාදීන් පළවා හැරීම මාස ගණනකින් නොව, පැය කිහිපයකින් අවසන් කරන බවයි.
කෙසේ වෙතත් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් නැගෙනහිර යුක්රේනයේ හමුදා ක්‍රියාමාර්ග නවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

