ලෝක බලවතුන් හය දෙනෙකු සමග ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමේ වූ මූලික කොන්දේසි සමග තමන් එකඟ වන බව ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි අවධාරණය කර තිබේ.
අප වංචාවක් කිරීමට අදහස් නොකරන බව ලෝකය පිළිගත යුතුයි යනුවෙන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් රොයුහානි පවසා තිබේ.
එමෙන්ම, ලෝක බලවතුන් යම් දිනක වෙනත් මාර්ගයක යෑමට උත්සාහ කළහොත් ඊට පිළිතුරු දියහැකි තවත් ක්‍රමවේද තමන් සතු බවද රොයුහානි අවධාරණය කර තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා ලෝක බලවතුන් සමග ඇති කරගත් එකඟතාවත් සමග ඉරානය වෙත පනවා ඇති සම්බාධක ලිහිල්වනු ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැඩි විරෝධයක් දැක්වූ අතර, මෙය කලාපයට බලවත් තර්ජනයක් බව කියා තිබුණි.