නව යොවුන් වියේදී අපයෝජනයට ලක්වූ සම්මානීය නිළිය කතා කරයි
නව යොවුන් වියේදී ළමා නිවාසයක හැදී වැඩෙන විට එහි සමාජ සේවකයන් දෙදෙනෙකු විසින් තමන්ට ලිංගික අඩම්තේට්ටම් කළ බව බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය නිළි සමන්තා මෝර්ට්න් පාපොච්ඡාරණය කරන ලදී.
1990 දී මෙම අපචාරයට ඇය යොමුවී තිබුණත්, එකල බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නද, කිසිදු ආකාරයක පරීක්ෂණයක් සිදු නොවූ බව ඇය අද කියයි.
ගාඩියන් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ අනාවරණය කර ඇති අතර, නොටිංහැම් ළමා නිවාසය සිදුවූ ඛේදවාචකය තමන්ට අමතක කළ නොහැකි බවද පවසා තිබේ.
කෙසේ වෙතත්, නොටිංහැම් පොලීසියෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ විටදී ඔවුන් පවසා ඇත්තේ එකල තමන් වෙත මෙවැනි පැමිණිල්ලක් ලැබී නොතිබුණු බවයි.
බෆ්ටා හා ගෝල්ඩ්න් ග්ලෝබ් සම්මාන ලාභී නිළියක වන මෝර්ට්න් මේ වනවිට 37 වැනි වියෙහි පසුවෙන අතර, ඇය අවස්ථා දෙකකදී ඔස්කාර් සම්මාන සඳහාද යෝජනා වූ නිළියකි. ඇය තමන්ගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ළමා නිවාසවල හැදි වැඩුණු අයෙකු බවද පැවසෙයි.
එකල තමන් අපයෝජනයට ලක්වන විට කිසිවෙකු තමන් සමග නොසිටි බවත්, කිසිදු ආකාරයක සායනයකට තමන් යොමු නොකළ බවත් ඇය කියයි. එමෙන්ම, එම නිවාසයේ සිටි තමන්ගේ මිතුරියන් පවා එකල අපයෝජනයට ලක්වූ බවත්, මහා ඉහළින් පැවසෙන සමාජ සේවකයන් පවා ඒ සිදුවීම්වලට සම්බන්ධ බවත් ඇය පුවත්පතට හෙළි කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

