ගැම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඇඩමා බැරොව් දිවුරුම් දීමත් සමග සෙනගාල් ආරක්ෂක හමුදා ගැම්බියාවට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහාය සමග බටහිර අප්‍රිකානු රාජ්‍යයන් විසින් ගැම්බියාවේ පරාජයට පත් ජනපති යහ්යා ජම්මෙහ් බලයෙන් ඉවත්කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙසේ සෙනගාල් හමුදා එරට දේශසීමා තරණය කර තිබේ.
ගැම්බියා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බැරොව් දිවුරුම්දීම සෙනගාල් හි පිහිටි එරට තානාපති කාර්යාලයේදී සිදුවූයේ, ජම්මෙහ් බලයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ නිසාය.
මේ අතර, නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමත් සමග ගැම්බියාව තුළ ඔහුගේ හිතවාදීන් විදිබැස ප්රීතිඝෝෂ පවත්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.