ජර්මනියේ, කොලෝන්ග් හි නව අවුරුදු උදාවේදී සිදුවූයේ යැයි කියන ලිංගික හිංසනය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකළ ආකාරය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය තෝමස් ඩි මිසයිරේගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් පුද්ගලයන් තිදෙනෙකු පමණක් අත්අඩංගුවට පත්වීමද අමාත්‍යවරයාගේ උදහසට හේතුවක් වී තිබේ.
කොලෝන්ග් දුම්රිය ස්ථානය අසල නව අවුරුදු උදාව අවස්ථාවේදී අරාබි හා උතුරු අප්‍රිකානු තරුණයන් 30 දෙනෙකු පමණ කාන්තාවන් 100කට වැඩි පිරිසකට අඩන්තේට්ටම් කර ඇත.
මේ අතර කාන්තාවන් දෙදෙනෙකු ඔවුන් මෙම තරුණයන් අතින් දූෂණයට ලක්වූ බවට පොලීසියට පැමිණිලි කර ඇති අතර, තවත් වැඩි පිරිසක් ඔවුන්ට විවිධ ලිංගික හිරිහැර කළ බවට පොලීසියට පැමිණිලි කර තිබේ.
එරට අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ මෙම කාන්තා හිංසනය කලින් සැලසුම් කර හිතාමතා සිදුකර ඇති නිසා මෙය සංවිධානාත්මක අපරාධයක් ලෙස සැලකිය හැකි බවයි.
මේ ආකාරයේම හිංසනයන් එරට තවත් නගර කිහිපයකම සිදුව ඇති බව ජර්මානු පොලීසිය පවසයි.