ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ සහ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අදහසින් ඉන්දියාව නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළකට අත ගසා තිබේ.
යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ව්‍යාපාර කිරීමට වඩාත් පහසු පරිසරයක් ඉන්දියාව තුළ ඇති කිරීමත්, කම්කරු නීතිය වැඩිදියුණු කිරීමටත් මෝදි බලාපොරොත්තු වෙයි.
‘ඉන්දියානු නිෂ්පාදන’ නමින් හඳුන්වා ඇති මෙම වැඩපිළිවෙල යටතේ රථ වාහන, ඖෂධ, බලශක්ති මෙන්ම තොරතුරු තාක්ෂණ ඇතුළු නිෂ්පාදන අංශ විසි පහක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
නරේන්ද්‍ර මෝදි අගමැති ධුරය ලැබීමෙන් පසුව සිදුකළ ප්‍රථම ඇමෙරිකානු සංචාරය සමගම මෙම අදහස්ද මතුවී තිබේ.