නයිජීරියාවේ, ඊසානදිග මෙයිඩුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු විසින් එල්ල කරනලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර කාන්තාවන්ද සිට ඇති අතර, ඔවුන් මූනා පළාතේදී මෙම බෝම්බ පුපුරුවාගෙන ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොමැති වුවත්, ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන බොකො හරාම් ත්රස්තයන් පසුගිය කාලය පුරා බ්රොනෝ පළාත තුළ සිදුකළ මරාගෙන මැරෙන ප්රහාරයන් හේතුවෙන් මෙයද ඔවුන්ගේ ප්‍රහාරයක් බව පොලීසිය සැක පහළ කරයි.
මේ අතර, ඔවුන් ප්‍රහාර එල්ල කිරීම සඳහා කාන්තාවන් වරින් වර යොදා ගන්නා බවද පොලීසිය පවසයි.
පළමු ප්‍රහාරය ග්‍රිනීච් වේලාවෙන් සවස 5.00 ට පමණ එල්ල වී ඇති අතර, එය සවස ආගමික වතාවත්වල නිරත සාමාන්‍ය මුස්ලිම්වැසියන් පිරිසක් ඉලක්ක වූ ප්රහාරයකි.
තවත් බෝම්බයක් නිවසක් තුළට කඩා වැදී පුපුරුවාගෙන ඇති අතර, සෙසු ප්‍රහාරකයන් දෙදෙනා තම ඉලක්ක වෙත ළඟාවීමට පෙර බෝම්බ පුපුරාගොස් තිබේ.