ලොව පුරා ගැහැණු දරුවන් තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වර්තමානයේ මුහුණ දී සිටින අතිශය භයානක බියවැද්දීම් හා තැතිගැන්වීම්වල රටාවේ පිළිබිඹුවක් නයිජීරියානු ගැහැණු දරුවන් විශාල පිරිසක් එකවර පැහැරගැනීම හරහා විදහා දැක්වෙන බව ඇමෙරිකානු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා අවධාරණය කරයි.
ඇය පවසා සිටින්නේ, තමන් මෙන්ම තම ස්වාමියා වූ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අතිශය කම්පාවට පත්ව සිටින බවයි.
පසුගිය අප්‍රේල් 14 වැනිදා නයිජීරියාවේ ද්විතීයික පාසලක නේවාසිකාගාරයකින් ගැහැණු දරුවන් 200කට වැඩි පිරිසක් එරට ඉස්ලාමීය අන්තවාදී බෝකෝ හරාම් ත්රස්තයන් විසින් පැහැරගෙන ගොස් මේ වනවිට මාසයකට ආසන්න කාලයක් ගගතව තිබුණද. එම දරුවන් නිදහස් කරනවා වෙනුවට ත්‍රස්ත නායකයා අනතුරු අඟවා සිටින්නේ දෙවියන්ගේ කැමැත්ත මත ඔවුන් අලෙවි කරන බවය.
සතිඅන්ත ජනාධිපතිවරයාගේ කතාවේදී අද දින (10දා) ඔබාමා වෙනුවට කතා කළ ආර්යාව මෙසේ අදහස් දක්වා තිබුණු අතර, මවුවරුන්ගේ දිනයට දිනක් තිබියදී ඇය පවසා සිටියේ මෙම දරුවන් තම දියණියන් ලෙස ඔවුන් සලකන බවය.
නයිජීරියාවේ සිදුවන සිදුවීම හුදකලා සිදුවීමක් නොවෙයි. එය ලොව පුරා ගැහැණු දරුවන් තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් ජීවිත තර්ජනයට ලක්ව සිටින එක් කතාවක් පමණයි යනුවෙන් මිෂෙල් ඔබාමා පවසා සිටියාය.
ඇමෙරිකානු ජනාධිපතිවරියක විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙවැනි අදහස් දැක්වීමක් කිරීම තරමක් නුපුරුදු වුවත්, ඇය දරුවන් බේරා ගැනීමේ සටනේ ඉදිරියෙන්ම සිටින බවය.