නයිජීරියා ජනාධිපති මුහම්මුදූ බුහාරි එරට සියලු හමුදාවල ප්රධානීන් අලුතින් පත් කර තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් එරට යුද හමුදා, ගුවන් හමුදා හා නාවුක හමුදා නායකයන් වෙනස් කරමින් නව පත්වීම් ලබාදී තිබේ.
නයිජීරියාවේ ක්රියාත්මක ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් ත්රස්තවාදීන්ගෙන් රට මුදවා ගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් බවට නැඟෙන චෝදනා මෙම වෙනස්කමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ආසන්න කාලයේදීද බොකෝ හරාම් අන්තවාදීන් ම්ලේච්ඡ ප්රහාර රැසක් දියත් කළ අතර, ඉන් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.