ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ප්‍රධාන මූලෝපාය නිලධාරී ස්ටීව් බැනන් ධවල මන්දිර කාර්ය මණ්ඩලයෙන් ඉවත් කෙරුණද, හෙතෙම ජනාධිපතිවරයා වෙනුවෙන් තම පැරණි මාධ්‍ය වෘත්තිය හසුරුවන බව අවධාරණය කරයි.
ස්ටීව් බැනන්, ඇමෙරිකාවේ ජනප්‍රිය පුවත් වේබ් අඩවියක නිර්මාතෘවරයා වන අතර, ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වනවිට ඔහුගේ මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවූ ප්‍රබල චරිතයක් විය.
ඒ අනුව, සිය ධුරයන් ඉවත් කෙරුණු බැනන් පවසන්නේ එදා ජනාධිපතිවරයා ජයග්‍රහණය දක්වා ඔසවා තැබූ සටන තවදුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමා සටන් වදින බවයි.
"මට යළිත් මගේ ආයුදවලට අත තියන්න නිදහස ලැබුණා. මේ බැනන් ඒ කාර්යය නොපිරිහෙලා ඉටුකරනවා" යැයි හෙතෙම පැවසීය.
63 වැනි වියෙහි පසුවූ බැනන් අන්ත දක්ෂිණාංශික අදහස් ඇත්තෙකු වන අතර, ඔහුට අරාබිකරය නුරුස්සන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන චරිතයක් යළිත් ඉවත්වීම බැනන්ගේ ඉවත්වීමත් සමග සිදුවිය.
මීට පෙර ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්, මාධ්‍ය ලේකම් සීන් ස්පයිසර්, කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්රීබස් සහ මාධ්‍ය අධ්යක්ෂ ඇන්තනී ස්කාරමූචි එසේ ධවල මන්දිර කාර්ය මණ්ඩලයෙන් ඉවත් කෙරුණු පිරිසයි.