දෙමවුපියන් විසින් අත්හැර දැමූ ගැමීට පිහිටාධාර ගලා එයි
තායි මවකගේ කුස තුළ නල දරුවෙකු ලෙස හැදී වැඩුණු පිරිමි දරුවෙකු මොන්ගෝල්භාවයට පත්ව ඇති බව වෛද්‍යවරු පැවසීමෙන් පසු, දරුවාගේ දෙමාපියන් වූ ඔස්ට්‍රේලියානු ජාතිකයන් එම දරුවා ප්‍රතික්ෂේප කිරීමත් සමග දරුවා වැඩුණු කුස හිමි තායි මව දරුවා භාර ගැනීමට කැමැත්ත පළ කර තිබේ.
මේ වනවිට මාස හයක් වයසැති ගැමී නමැති පිරිමි දරුවා මේ ආකාරයෙන් අත්හැර දැමුණත්, ඔහුත් සමග ඉපදුණු නිවුන් නැගෙණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ නිසා එම දරුවා පමණක් රැගෙන ගොස් ඇති බව කියැවෙයි.
ගැමී හදවතේ ආබාධයකින් හා පෙනහලුවල ආසාදනයකින්ද පසුවෙයි. මේ තත්ත්වය තුළ දරුවා තවමත් තායි රෝහලේ සිටින අතර, ඔහුට හදිසි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බවද කියැවෙයි.
ඒ අනුව, තායි පුවත්පත් මේ අත්හැර දැමුණු දරුවා බේරාගැනීමට විශේෂ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණු අතර, දින 11ක් තුළ දරුවා වෙනුවෙන් ඇ.ඩො.140,000ක් හෙවත්, රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂයක් පමණ එකතු වී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔස්ට්‍රේලියානු අමැති ටෝනි ඇබෝට් මෙම සිදුවීම ගැන විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, දරුවෙකු මෙසේ අත්හැර දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

