හිටපු බ්රසීල ජනපති ලුයිස් ඉනාසිඕ ලූලා ද සිල්වා දූෂණ චෝදනාවන්ට වැරදිකරු වෙමින් වසර නවයහමාරක සිර දඬුවමකට යටත්ව තිබේ.
හිටපු ජනාධිපතිවරයාට අධිකරණ නියෝගය ලබාදුන් විනිසුරු පවසා ඇත්තේ අභියාචනයක් ඉදිරිපත් කරන තුරු ඔහුට නිදහසේ සිටිය හැකි බවයි.
බ්රසීල රජයේ පෙට්රෝබ්රාස් තෙල් සමාගම හා සම්බන්ධ මෙම දූෂණ චෝදනාවෙහි හිටපු ජනාධිපතිවරයා අල්ලසක් ලෙස වෙරළාසන්න නිවාසයක් සැලසුම් කරගෙන ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, තමාට එල්ල වී ඇති චෝදනාව හිටපු ජනාධිපතිවරයා තරයේ ප්රතික්ෂේප කරයි.
ජනාධිපතිවරයා පවසන්නේ මෙම චෝදනා දේශපාලන හස්තයක් විසින් තමාට එරෙහිව ක්රියාත්මක වන බවයි.
වසර 8ක කාලයක් බ්රසීල පාලනය කළ ලූලා එරට වාමාංශික කම්කරු පක්ෂයෙන් ඉදිරි මැතිවරණයට යළි ඉදිරිපත් වීමේ ඉඟිපළ වන අවස්ථාවේදී මෙම තීන්දුව ප්රකාශයට පත්වීමක විශේෂත්වයක් බවත් විදෙස් වාර්තා පවසයි.
මෙම තීන්දුව ප්රකාශයට පත්ව ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පහකින් එකක් සඳහාය.