දුර්ලභ සුදු සිංහ පැටවු සිව් දෙනෙකු ඉපදේ
අතිශය දුර්ලභ සුදු සිංහ පැටවුන් සිව් දෙනෙකු නැගෙනහිර ජර්මනියේ සර්කස් ආයතනයක සිටින සුදු සිංහ දේනුවකට දාව ඉපදී ඇති බව වාර්තා වෙයි.
පිරිමි පැටවුන් තිදෙනෙකු හා ගැහැණු පැටවෙකු ලෙස මෙම උපත සිදුව තිබේ.
සියලුම පැටවුන් හොඳ නිරෝගී තත්ත්වයෙන් පසුවන බවත්, හොඳින් ආහාර ගනිමින්, සෙල්ලම් කරමින් සිටින බවත් එම ක්‍රෝන් සර්කස් ආයතනය පවසයි.
කෙසේ වෙතත් මෙම සුදු සිංහ පැටවුන් ඇලිපැටවුන් නොවන බව පවසන්නේ, ඔවුන්ගේ මව වන වයස අවුරුදු 7ක් වන ප්‍රින්සස් සහ ඔවුන්ගේ පියා වන වයස අවුරුදු 11ක් වන කිංග් ටොන්ගා යන සතුන් දෙදෙනාගේම ජානමය හේතුවක් මත සුදු ලොම් ලැබී උපත ලැබූ සිංහයන් වන නිසාය.
සුදු සිංහයන් ආරක්ෂා කිරීමේ දකුණු අප්‍රිකානු ආයතනයක් විසින් නැවතත් මෙම සතුන් ලෝකයට දායද කිරීමේ වැඩසටහනක නිරතව වන අතර, ඒ අනුව මේ වනවිට ලොව පුරා සත්වෝද්‍යාන හා සර්කස් ආයතන සතුව මෙවැනි දුර්ලභ සුදු සිංහයන් සිය ගණනක් සිටී.
ඔවුන් වනාන්තරවල ඉතා අවම වශයෙන් දැකිය හැකි අතර, දැනට දකුණු අප්‍රිකාව ආශ්‍රිතව සුදු සිංහ රංචු කිහිපයක් පමණක් සිටින බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

