කුඩා ජල නළවල සිර කර සිටි දුර්ලභ පක්ෂීන් 125ක් ඉන්දුනීසියාවෙන් හමුවීමත් සමග එරට වනජීවී නිලධාරීන් හා පොලීසිය එක්ව විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට පත් පක්ෂීන් අතර කොණ්ඩා ගිරව් ඇතුළු දුර්ලභ ගිරව් සිට බවත්, ජල නළ කොටට කපා, ඒවායේ දෙපස දැලක් ආකාරයෙන් බැඳ ඒ තුළ මෙම පක්ෂීන් රඳවා තිබූ බව පොලීසිය පවසයි.
ඉන්දුනීසියාවේ වනාන්තර ආශ්රිතව මෙම කුරුළු විශේෂ තවදුරටත් ආරක්ෂිතව සිටින අතර, දුර්ලභ සත්ව ජාවාරම එරට තුළ තවදුරටත් සිදුවන බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පුද්ගයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන්ට වසර පහක සිර දඬුවමක් සහ ඇ.ඩො.7,400ක දඩයකට යටත්වීමට සිදුවන බව පොලීසිය පවසයි.