පැරීසිය පුරා IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ ම්ලේච්ඡත්වයේ උණුසුම පහව යන්නටත් මත්තෙන්, එරට දුම්රියක් පිලිපැනීම හේතුවෙන් තවත් ඛේදනීය ඉරණමකට ප්රංශය මුහුණ දුන්නේය.
ටී.ජී.වී. පරීක්ෂණ ගමන් වාරයක් සිදුකළ අධිවේගී දුම්රිය ජර්මානු දේශසීමා ආසන්නයේදී පිළිපැනීමෙන් පසුව, අසල තිබූ ඇලකට පෙරළීමෙන් එහි සිටි පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 49 දෙනෙකු මෙහි ගමන් කර ඇති අතර, දුම්රිය වේගයෙන් ගමන් කරන අවස්ථාවේදී පිලිපැනීමට ලක්ව දුම්රිය මැදිරි කිහිපයක් කෑලිවලට කැඩී ගොස් ඇති අතර, තවත් දුම්රිය මැදිරිවල ගින්නක්ද ඇති වී තිබේ.