තම ඉල්ලා අස්වීම නිල වශයෙන් භාරදීම සඳහා දින කිහිපයක් ඇතුළත යළි දිවයිනට පැමිණෙන බව ලෙබනන් අගමැති සාද් හරීරී පවසයි.
සෞදි ආරාබියේ සිට එරට රූපවාහිනී නාලිකාවක් වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම මෙම කරුණු අනාවරණය කර ඇති අතර, තමා ඉල්ලා අස්වන බව මීට සතියකට පෙර පැවසීමෙන් පසුව ලෙබනන් අගමැතිවරයා ප්‍රථම වරට මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි.
මේ අතර, ඔහුගේ කැබිනට් සගයන් පවසන්නේ අගමැතිවරයා සෞදියේ රැඳවුම් භාරයේ සිටින බවයි. නමුත්, හෙතෙම රූපවාහිනී හමුවේදී එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල කරන අගමැතිවරයා තමාගේත්, තම පවුලේත් ආරක්ෂාව පතා රටින් ඉවත්වූ බවද පවසා තිබේ.
සුන්නි මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන අගමැති හරීර් එරට ව්‍යාපාරිකයෙකුද වන අතර, 2016 නොවැම්බර් මාසයේදී ලෙබනන් රජයක් පිහිටුවීම සඳහා ඔහුව යෝජනා කෙරිණි.