ඉන්දියාවේ, දිල්ලි අගනගරයේ එක්වරම ඇති වූ ඝන දුම්පටලයක් හේතුවෙන් නගරය පුරා දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බව වාර්තා වෙයි.
ලොව වායු දූෂණය අතින් වඩාත් ප්‍රකට නගරයක් ලෙස සැලකෙන දිල්ලි නගරයේ මෙම දැඩි දුම්පටලය හේතුවෙන් දෘශ්යතාවද ඉතා අවම මට්ටමක පවතින බව කියයි.
මේ ආකාරයෙන් දිල්ලි නගරයේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට වඩා 30 ගුණයකින් පහළ මට්ටමක පවතින බව සඳහන් වෙයි.
මේ තත්ත්වය තුළ ඉන්දීය සෞඛ්‍ය සංගමය විසින් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කරමින් මෙම තත්ත්වයට කඩිනම් පිළියම් සෙවීම සඳහා රජයට බල කිරීමක් සිදුකර තිබේ.