ඉන්දියාවේ දිල්ලි අගනුවර 2012 වසරේදී බස් රථයක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීමේ එවකට බාල වයස්කරුවෙකු වූ චූදිතයෙකු එරට පරිවාස මධ්‍යස්ථානය විසින් නිදහස් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම නිදහස් කිරීම වැළැක්වීම සඳහා නීති මගින් කටයුතු කළද එය නිශ්ප්‍රභ වූ අතර, පසුව ඊට එරෙහිව ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
මෙම අපරාධය සිදුවන විට ඔහු බාලවයස්කරුවෙකු වූ නිසා උපරිම වශයෙන් වසර තුනක පරිවාස කාලයකට පමණක් ඔහුව යටත්කළ හැකිව තිබුණි.
නමුත්, මෙම සිදුවීමේ වූ බරපතල බව නිසාම ඔහු බාලවයස්කරුවෙකුට වඩා දූෂිතයෙකු ලෙස ලෝකයා පිළිගැනීම හේතුවෙන් මෙම දැඩි විරෝධය මෙම නිදහස් කිරීමට එරෙහිව ඇති වි තිබේ.
මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා මරණයට පත් වෛද්‍ය ශිෂ්යාවයේ දෙමවුපියන්ද එක්වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
