ඉන්දියාවේ දිල්ල අගනගරයේ වායු දූෂණය සමග ඇතිවී තිබෙන ඝන මීදුම් පටලය හේතුවෙන් අධිවේගී මාර්ගයක වාහන පෙළක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුරින් එම අධිවේගී මාර්ගයේ ගමන් කළ මෝටර් රථ 24ක් එකිනෙක හැපුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
විශේෂයෙන්ම එකිනෙක හැපුණු වාහනවල සිටින පිරිස් ඒවායෙන් පිටතට ගනිමින් සිටින විටදී පවා තවත් වාහන පැමිණ ඒවායෙහි එකිනෙක ගැටී තිබුණේ ඉතා සමීප දුරක් පවා නොපෙනන මට්ටමට මෙම ඝන මීදුම් පටලය දිල්ලිය වෙලාගෙන ඇති නිසාය.
සෑම වසරකම මෙම කාල පරිච්ඡේදයේදී දිල්ලියේ මෙම ඝන මීදුම් පටලය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබුණත්, මේ වසරේදී එය දිල්ලි ජනජීවිතයට දැඩි බලපෑමක් සිදුකර ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.