ඔස්ට්‍රේලියාවේ තස්මේනියානු වෙරළ තීරයකදී තම දියණිය ඉදිරි පිටයදී මෝර ප්‍රහාරයකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ උදෑසන මෙම දෙපළ ටියාබුන්නා නගරය ආසන්න මුහුදේ කිමිදෙමින් සිටියදී මෝර ප්‍රහාරයට ලක්වූ බවත් දැවැන්ත මෝරෙකු තම පියාට පහර දෙමින් සිටි බවත් දියණිය කියයි.
තමා ඉක්මණින් බෝට්ටුව වෙත ගොස් මේ බව පොලීසියට දැනුම් දුන් අතර, මෙම පුද්ගලයා බේරාගන්නා විටත් ඔහු මියගොස් සිටි බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය සිකුරාදා මෙම ප්‍රදේශයේ මීටර් 4.5ක පමණ දැවැන්ත මෝරෙකු ගැවසුණ බව ධීවරයන්ද පවසා ඇත.