දැඩි සීත කාලගුණය මධ්‍යයේ පවා නේපාල වැසියන් එරට ප්‍රථම මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම ඊයේ (26දා) සිදුකළ බව විදෙස් වාර්තා පවසයි.
හිමාල කඳුකර ප්‍රදේශවල සිටින ඇතැම් ජනතාවට ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැය කිහිපයක් අධික සීතලේ විශාල දුරක් පයින්ම ගමන් කිරීමට සිදුවූ බවද කියැවෙයි.
මෙවර මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුව වෙත ආසන 275ක් සහ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමද සිදුවන සිදුවන බවත්, 65%කට වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයක් වාර්තා වූ බවත් සඳහන් වෙයි.
මෙවර මැතිවරණයේදී වැඩි බලාපොරාත්තු තබා ඇති නේපාලයේ කොංග්රස් පක්ෂය හිටපු මාවෝවාදී කැරලි කණ්ඩායම් නියෝජනය කරන බලවේග සහ සමාජවාදී යූ.එම්.එල්. පක්ෂය සමගද සන්ධානගතව තරග වදියි.
කෙසේ වෙතත්, අදියර දෙකක් යටතේ නේපාල මැතිවරණය පැවැත්වෙන බැවින් මීළඟ අදියර දෙසැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත වෙයි. ඉන් අනතුරුව දින කිහිපයකින් පසු ප්‍රතිඵල නිකුත්වනු ඇති බවද එරට වාර්තා පෙන්වා දෙයි.
මෙවර මැතිවරණය වෙනුවෙන් මිලියන 15ක පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුමක් ලබා තිබුණි.