යුරෝපය පුරා පවතින දැඩි සීත කාලගුණය මේ වනවිට මහා බ්‍රිතාන්‍ය තුළද ප්‍රවාහනය සම්පූර්ණයෙන් අඩාල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගිණිකොණදිග කලාපයේ දුම්රිය පද්ධතිය මෙන්ම, නිරිතදිග සහ ස්කොට්රේල් දුම්රිය පද්ධතිවලටද මෙම අයහපත් කාලගුණය බලපා ඇති බව කියැවෙයි.
ඒ අනුව, මෙම කලාපයේ ධාවනය වන දුම්රියවල ගමන් නොකරන ලෙස මගීන්ට දැනුම් දී ඇති බව කියැවෙයි.
එමෙන්ම, එංගලන්තයේ නිරිතදිග කොටසේ ප්‍රදේශ රැසකට විදුලිය නොමැති අතර, දකුණු වේල්සය සහ මිඩ්ලන්ඩ්ස් යන ප්රදේශවලද විදුලිය නොමැති බව වාර්තා වෙයි.
කාලගුණ අංශ විසින් නිකුත් කර තිබූ රතු නිවේදනය ඉවත්කර තිබුණත්, නිරිතදිග සහ ඊසානදිග කොටස්වල ගංවතුර අවදානම තවදුරටත් පවතින බව සඳහන් වෙයි.
මේ අතර, මහාමාර්ග කිහිපයක්ද වසා දමා ඇති අතර, ගුවන්ගමන් රැසක් අවලංගු කිරීමටද සිදුව ඇති බව කියයි.