යමෙකු අඩු කුලයේ දාලිත්වරයෙකුට පහරදීමට සිතනවා නම් ඊට පෙර තමාට පහර දෙන ලෙස ඉන්දීය අගමැති න්රේන්ද්ර මෝදි පවසයි.
ඉන්දියාවේ අඩු කුලයේ දාලිත්වරුන් ඉලක්ක කරමින් මෑත කාලීනව සිදුවූ දරුණු වදහිංසන හා ජීවිත හානි පිළිබඳව සිය හඬ අවදිකරමින් ඉන්දීය අග්රාමාත්යවරයා මෙසේ අවධාරණය කර තිබේ.
එම පහරදීම් දැඩිව විවේචනය කර ඇති අගමැතිවරයා ඔවුන් ශතවර්ෂ ගණනාවක සිට විඳවන බවත්, ඔවුන් තවදුරටත් විඳවන ජාතියක් නොවිය යුතු බවත් අවධාරණය කර තිබේ.
මියගිය හරකෙකුගේ හමක් ගැලවීමට යාමෙන් මෑතකදී දාලිත් වැසියන් සිවු දෙනෙකු දැඩි පහරදීමකට ලක්වූ අතර, තවත් දාලිත් යුවළක් මරා දමා තිබුණේ ඉන්දීය රු.15ක ණයක් ගෙවා ගැනීමට දින කිහිපයක අමතර කාලයක් ඉල්ලා සිටි නිසාය.