ද්විත්ව පුරවැසිභාවය හිමි අයට ඔස්ට්‍රේලියාව තුළ දේශපාලනය කිරීම තහනම් කෙරෙන ලෙස නව නීති හඳුන්වාදීමත් සමග එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය අහිමි 8 වැන්නා බවට සෙනට් සභික ස්කයි කැකෝස්ෂේකේ මූර් පත්ව තිබේ.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියක වන ඇය එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටිය් සිංගප්පූරුවේ උපන් සිය මව සතු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් තමා ඉල්ලා අස්වීම සිදුසු යැයි තීරණය කළ බවයි.
ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම නව නීතිමය තත්ත්වය හේතුවෙන් යම් මන්ත්‍රීවරයෙකුගේ මව හෝ පියා සතුව ද්විත්ව පුරවැසිභාවයක් පවතින්නේ නම් එයද ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි වීමට බලපෑම මේ ආකාරයෙන් ස්කයි සිය ධුරයෙන් සමුගැනීමට හේතු වී තිබේ.
ඔස්ට්‍රේලියාව වෙත විදෙස් රටවලින් පැමිණි පිරිස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත්වීම තුළ එරට තුළ මෙම ද්විත්ව පුරවැසිභාවය සාමාන්‍ය තත්ත්වයක් බවට කාලයක් පත්ව තිබුණි. කෙසේ වෙතත්, මෙම නව නීති බලාත්මක කිරීමත් සමග එරට පාර්ලිමේන්තුව තුළ මෙන්ම රටේ දේශපාලනය තුළයද ව්යවුල් තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.