බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ අභාවයෙන් වසර 20කට පසුව ඇගේ ප්‍රතිමාවක් ඉදිකිරීම සඳහා කේම්බ්රිජි ආධිපාදවරයා වන විලියම් කුමරු සහ හැරී කුමරු අධිකාරීත්වය ලබාදී තිබේ.
කුමාරවරුන් දෙදෙනාම පවසා ඇත්තේ ඇගෙන් සිදුවූ ධනාත්මක බලපෑම හඳුනාගැනීම සඳහා මේ හොඳම කාලය බවයි. ඒ අනුව, ඇගේ ස්ථිර ප්‍රතිමාවක් ඉදිකිරීම සිදුකළ යුතු බවත් ඔවුන් පවසා තිබේ.
ඇය ජීවත් වූ කෙන්සිංග්ටන් මාලිගය ආශ්‍රිතව ජනතාව ගැවසෙන උද්‍යානයක මෙම ප්‍රතිමාව ඉදිකිරීමට නියමිතය.
කෙසේ වෙතත් ප්‍රතිමාව නිර්මාණය කරන නිර්මාණ ශිල්පියා මෙතෙක් තෝරාගෙන නොමැති වුවත්, එහි ඉදිකිරීම් ඉතා ඉක්මණින්ම සිදුවනු ඇති බව ප්‍රකාශකයෙකු පැවසීය.