දශක තුනකට පසුව කොලොම්බියාවේ සංචාරයක නිරත ප්රථම ප්රංශ ජනපතිවරයා ලෙස ප්රංශුවා හොලන්දේ එරට ෆාක් ගරිල්ලා නායකයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.
කොලොම්බියානු ජනපති ජුආන් මැනුවෙල් සැන්ටෝස් සමග බටහිර කොලොම්බියාවේ, හුදකලා ප්රදේශයකදී ගරිල්ලන් සමග සිදුවූ මෙම හමුව සංවිධානය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, බිම්බෝම්බ ඉවත්කිරීම මෙන්ම, අතුරුදන් වූවන් සොයාදීමේ කටයුතු සඳහා ප්රංශයේ සහාය ලබාදීමටද ජනපතිවරයා එකඟත්වය ලබාදී තිබේ.
කොලොම්බියානු සාම ක්රියාවලිය සඳහා සිදුකළ යුරෝපා සංගම් අරමුදල් සැපයීමේදී 20% ක කොටසක් ප්රංශය විසින් දරනු ලැබීය.
දශක කිහිපයක් පුරා කොලොම්බියාවේ පැවති ගැටුම් නවත්වමින් ගරිල්ලන් හා රජය අතර පසුගිය නොවැම්බර් මාසයේදී සාම ගිවිසුමක් අත්සන් කෙරිණි.
ප්රංශ ජනාධිපතිවරයා පවසා සිටියේ ලොව පුරා සිදුවන ගැටුම් නැවැත්වීමේ මොඩලයක් ලෙස මෙය ආදර්ශයට ගතහැකි බැවින් ප්රංශය මෙම සාම ක්රියාවලියට සහාය දැක්වූ බවයි.