දකුණු සුඩාන සාම ගිවිසුම නිසා සාගතයෙන් පෙළෙන ජනතාවට හදිසි සහනාධාර
දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කර් සහ කැරලි නායක රයෙක් මචාර් සාම ගිවිසුමකට එළැඹීමත් සමග දරුණු සාගතයකින් පෙළෙන දකුණු සුඩාන ජනතාව වෙත කඩිනම් ආහාර ද්‍රව්‍ය සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරමින් සිටියි.
මෙම කලාපය භාර එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියා සිටියේ හදිසි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම වෙනුවෙන් වසා දැමුණු මංමාවත් හා පාලම් වහාම විවෘත කළ යුතු බවයි.
ජනාධිපතිවරයා සහ කැරලි නායකයා පසුගිය ඊයේ (9දා) මෙම සාම ගිවිසුමට අත්සන් තැබූ අතර, මේ දක්වා පැවති ගැටුම් හේතුවෙන් මිලියන 1.5ක ජනතාවට උන්හිටිතැන් අහිමි කර තිබිණි.
මෙවැනි තාවකාලික විරාමයක් මීට පෙරද ගැනීමට කටයුතු කළද මෙවර එය වඩාත් සාර්ථක ප්‍රගතියක් අත්කර ගනු ඇති බව කියැවෙයි.
ප්‍රථම අවස්ථාව පසුගිය ජනවාරි මාසයේදී ගනු ලැබුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින්ම දෙපාර්ශවයට චෝදනා නඟමින් නැවත සටනට පිවිසියේය.
මෙවර සාම ගිවිසුමට අනුව සටන් නැවැත්වීමත්, තාවකාලික රජයක් පිහිටුවමින් නව ව්‍යවස්ථාවක් සකස් කර හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කර ඇති බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

