න්‍යෂ්ටික අවි ආයුද අත්හැරීම පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට බලකර සිටියි.
සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ජපානයට පැමිණ උතුරු කොරියාව පතුරු ගැසී ඇමෙරිකානු නායකයා, දකණු කොරියාවට පැමිණීමෙන් පසුව තමන්ගේ ස්වරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් පවසා සිටියේ ප්යොන්ග්යැන්ග් පාලනයට එරෙහිව ඇමෙරිකානු හමුදා බලය කිසිලෙසකින්වත් නොයොදවන බවයි.
එමෙන්ම, මෙම අර්බුදය විසඳා ගැනීමට දෙවියන් කෙරෙහි තමන් විශ්වාසය තබන බවද ඇමෙරිකානු ජනපතිවරයා පවසා තිබේ.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් මෙම අදහස් පළ කර තිබේ.
ඇමෙරිකානු ජනපතිවරයෙකු වසර 25ක කාලය තුළ ආසියාවේ සිදුකරන දීර්ඝතම සංචාරයට එක්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය, විට්නාමය හා පිලිපීනය යන රටවලද සංචාරය කිරීමට නියමිතව තිබේ.