දකුණු අප්‍රිකාවේ, නිරිතදිග ජොහැන්නස්බර්ග් නගරයට බලපෑ භූ කම්නයක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිත්කෂයට පත්ව, තවත් රන් පතල්කරුවන් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.3ක අගයක් පෙන්වා දී තිබේ.
එය ඔක්නේයි රන් ආකරය ආශ්‍රිතව සිදුව ඇති බවද කියැවෙයි.
මියගිය පුද්ගලයා රන් ආකරයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පතල්කරුවන් රැසක් ආකරය තුළ සිරවී සිටිනු ඇති බවටද සැක කෙරෙයි.
මෙම භූ කම්පනය අසල්වැසි බොට්ස්වානා හා මොසැම්බික් රාජ්‍යයන් වෙතද දැනී තිබේ.