දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයිගේ දේශපාලන ව්යවුල විදහා දක්වමින් ඇය නිරුවතින් සිටින චිත්රයක් ප්රදර්ශනය කිරීම ගැන එරට තුළ මතභේදයක් හටගෙන තිබේ.
එරට ජාතික ප්රදර්ශන සම්මේලනයේදී මෙම චිත්රය ප්රදර්ශනයට තබා තිබියදී, ජනාධිපතිනියගේ ආධාරකරුවන් පැමිණ එය ඉරා දමා ගලවා දැමීමට කටයුතු කර ඇත.
'අපවිත්ර නින්ද' යනුවෙන් නම්කර තිබූ මෙම චිත්රයේ ජනාධිපතිනිය නිරුවතින් නිදාගෙන සිටින අතර, ඇයගේ සේවිකාවක ලෙස විවාදයට තුඩුදී සිටින ඇගේ මිතුරිය වන චොයි සූන්-සිල් මල් කළඹක් රැගෙන පැමිණෙන ආකාරය දැක්වෙයි.
අයථා ලෙස ආදායම් ඉපයීමට අවස්ථාව සැලසීමට තම මිතුරියට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් මේ වනවිට දකුණු කොරියානු ජනපතිනිය මෙන්ම ඇගේ මිතුරිය වූ චෝයි ද චෝදනාවට ලක්ව සිටී.
මේ තත්ත්වය තුළ දකුණු කොරියානු ජනපතිනියට එරෙහිව එරට තුළ විවිධ උද්ඝෝෂණ ඇති වූ අතර, මෙම චිත්රයද එම විරෝධතාවල තවත් දිගුවකි.