තුර්කියේ ප්රබල මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
සිරියා දේශසීමා ආසන්න නගරයකදී මෙම පිපිරීම සිදුව ඇති අතර, මෙය IS ප්රහාරයක් බවට විශ්වාස කෙරෙයි.
සිරියාවේ කොබානේ නගරය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් සිය ගණනක් වූ තරුණයන් රැස්ව සාකච්ඡා පවත්වමින් සිටි අවස්ථාවේදී මෙම ප්රහාරය එල්ල වී තිබේ.