කුර්දි පී.කේ.කේ. සටන්කාමීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්රහාරයක් හේතුවෙන් තුර්කි හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.
හමුදා පොලිස් මුර පොළක් වෙත බෝම්බ පුරවාගත් ටැක්ටරයක් ගමන් කරවීමෙන් මෙම ප්රහාරය එල්ල කර තිබේ.
ඉරාන දේශසීමාවේ පවතින ඩොගුබයේසිට් නගරයේ මෙම මුරපොළ ඇති බවත්, පසුගිය ජූලි 24 වැනිදා සිට තුර්කිය සටන්කාමීන් ඉලක්ක කර ඇරඹූ ගුවන් ප්රහාරවලට ප්රතිප්රහාර දැක්වීමක් ලෙස මෙම මරාගෙන මැරෙන ප්රහාර එල්ල කරන බව්ත කියැවෙයි.