තුර්කි හමුදා කුමන්ත්රණයෙන් පසු 6000ක් අත්අඩංගුවට
තුර්කිය තුළ පසුගිය සිකුරාදා දියත්කළ අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට රජය විසින් පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස අතර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් සහ විනිසුරුවන් 2,700කට ආසන්න පිරිසක් සිටින බව කියැවෙයි. එහිදී, ඉරිදා දිනයේදී ඩෙනිස්ලී පළාතේදී පමණක් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
තුර්කි අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම මෙහෙයුම එරට පිරිසුදු කිරීමේ මෙහෙයුමක් බවයි.
මෙම අසාරථක හමුදා කුමන්ත්‍රණය හමුවේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 265කට ආසන්න බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
මේ අතර, ජානාධිපති රෙසපේ තයීප් එර්ඩෝගාන් පවසා සිටියේ මෙම කුමන්ත්‍රණයට සහභාගී වූවන්ට මරණ දඬුවම ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බවය.
එමෙන්ම, ඇමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන ෆෙතුල්ලාහ් ගුලාන් නමැති තුර්කි පූජකවරයාටද චෝදනා කළ තුර්කි ජනාධිපතිවරයා ඔහු මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බව කීය. කෙසේ වෙතත්, එම චෝදනා ගුලාන් ප්‍රතික්ෂේප කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

