පසුගිය වසරේදී තුර්කියේ පැවති දැවැන්ත රාජ්ය විරෝධී උද්ඝෝෂණයේ පළමු සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉස්තාම්බුල් හා අන්කාරා නගරවලට රැස්වූ ජනතාව විසුරුවා හැරීමට එරට පොලීසිය කඳුළු ගෑස් ප්රහාරයක් අද (31දා) එල්ල කළේය.
ඒ අනුව, අද දිනයේදී තුර්කියේ තක්සිම් චතුරස්රය වෙත 25,000ක පමණ පොලිස් බල ඇණියක් යොදා තිබුණි.
තුර්කි අගමැති තයීප් එර්ඩෝගන් මීට පෙර එරට තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සැමරුම වෙනුවෙන් සම්බන්ධ නොවන ලෙසය.
ඉස්තාම්බුල් නගරයේ ගෙසී උත්ද්යානය ප්රතිසංවර්ධනය කිරීමට විරෝධය පළ කරමින් පසුගිය වසරේදී මෙම උද්ඝෝෂණය ආරම්භ වූ අතර, එහිදී ඇති වූ ගැටුම්වලින් ජීවිත හානිද සිදුවිය.