ඔස්ට්‍රේලියානු තැපෑලේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වේතනය එරට අගමැතිවරයාගේ වේතනය මෙන් දස ගුණයක් බව සඳහන් වේ.
මේ තත්ත්වයත් සමග ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් විසින් එරට රජයේ තැපෑල වෙත අවධාරණය කර ඇත්තේ ප්‍රධාන විධායකයාගේ වේතනයන් ගැන යළි සලකා බැලීමක් කරන ලෙසයි.
මේ වනවිට එරට තැපෑලේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන අහ්මඩ් ෆවර් පසුගය වසරේදී ඇ.ඩො.මිලියන 4.3ක (රු.කොටි 65ක පමණ) වේතනයක් ලබා ඇති අතර, එය අගමැතිවරයාගේ වේතනය මෙන් දස ගුණයක් බව කියැවේ.
ඔස්ට්‍රේලියානු අගමති මැල්කම් ටර්න්බුල් පවසන්නේ තැපෑලේ මෙම වේතනය ඉතා ඉහළ අගයක් බවයි.
කෙසේ වෙතත්, අගමැතිවරයාගේ දෝෂාරෝපණය ප්‍රතික්ෂේප කරන ඔස්ට්‍රේලියානු තැපෑල පවසන්නේ 2016 වසරේදී එරට තැපෑල ඉහළ ලාභදායී තත්ත්වයට ගැනීම නිසා ප්‍රධාන විධායක නිලධාරියාට ලැබුණු බෝනස් මුදල්ද සමග මෙම ගෙවීම් සිදුකර ඇති බවයි.