තායිවානය විසින් චීනය සමග ඇතිකර ගැනීමට යන වෙළෙඳ ගිවිසුමට විරෝධය දක්වමින් එරට විශ්වවිද්‍යාල සිසුන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගෙන පෑ විරෝධතාව අවසන් වන බව වාර්තා වෙයි.
ඒ අනුව, මාර්තු මස මැද භාගයේ සිට පාර්ලිම්න්තු ගොඩනැගිල්ල තුළ රැඳී සිටි විශ්වවිද්‍යාල සිසුන් ලබන බ්‍රහස්පතින්දා ඉන් ඉවත්ව යන බව ප්‍රකාශ කර ඇත.
එම සිසුන් පවසා සිටියේ චීනය සමග ඇතිකර ගන්නා වූ වෙළෙඳ ගිවිසුම එරට ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කරන බවත්, චීනයෙන් සිදුවන බලපෑම තවදුරටත් වර්ධනයක් කරන්නක් වන බවත්ය.
කෙසේ වෙතත් අවසානයේදී පාර්ලිමේන්තු කතානායක වැන්ග් ජින් ප්යැන්ග් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව එම සිසුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට එකඟ වී ඇති බව පැවසෙයි.