ටොන් මිලියනයකට වඩා සහල් ප්‍රමාණයක් චීනයට අපනයනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇති බව තායිලන්තය පවසයි.
තායිලන්තයේ වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි සහල් ටොන් මිලියන 1.2ක මෙම කොන්ත්‍රාත්තුව චීන රජය විසින් නැවත ඉවත් කරගෙන තිබේ.
තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රාගේ සහල් ගනුදෙනු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තායිලන්තයේ අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම මේ වනවිට පරීක්ෂණයක් මෙහෙයවමින් සිටින අතර, චීනය මෙම කොන්ත්‍රාත්තුව හකුළා ගැනීමට මෙම පරීක්ෂණය හේතුවී ඇති බවද කියැවෙයි.
වර්තමානයේ තායිලන්තයේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයටද මෙම සහල් ගනුදෙනු ප්‍රතිපත්තිය හේතුවී තිබේ.