තායිලන්ත හමුදාව එරට දේශපාලන බලය අත්පත් කරගැනීමත් සමග රැඳවුම් භාරයට රැගෙන සිටි 125කට අධික දේශපාලඥයන්, ක්රියාධරයන් සහ විද්වතුන් පිරිසක් නිදහස් කළ බව තායිලන්ත හමුදාව ප්රකාශ කරයි.
නමුත්, තවත් පුද්ගලයන් රැසක් රැඳවුම් භාරයේ තබාගෙන ප්රශ්න කරන බවද එරට හමුදාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
විදෙස් පුවත් සේවාවන් පෙන්වා දෙන පරිදි මේ ආකාරයෙන් නිදහස ලැබූවන් වැඩි දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර තිබෙන්නේ, ඔවුන්ට නැවතත් දේශපාලන ක්රියාකාරකම්වලින් වැලකී සිටීමේ කොන්දේසි ඉදිරිපත් කරමිනි.
හමුදා භාරයට ගත් බලයෙන් පහ කළ තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්රා දින කිහිපයකට පෙර නිදහස් කළද හිටපු අගමැතිනියද යම් යම් සීමාවන්ට යටත්ව එසේ නිදහස් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, මෙම හමුදා කුමන්ත්රණය මෙහෙයවූ හමුදා නායකයා පසුගිය සඳුදා රාජකීය උරුමයක් ලෙස බලය පවරා ගත්තේය.