තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කිරීම හේතුවෙන් බලයෙන් පහ කෙරුණු තායිලන්ත රජයේ අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
චටුරොන් චයිසෙන්ග් නමැති හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින්, මෙම හමුදා කුමන්ත්‍රණය තායිලන්තයට මහා ව්‍යසනයක් විය හැකි බව තමා විශ්වාස කරන්නේ යැයි පැවසීමත් සමග ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව කියැවෙයි.
පසුගිය සතියේදී හමුදාව විසින් තායිලන්තයේ පාලනය සියතට ගත් අතර, මාස ගණනාවක් පුරා තායිලන්තයේ පැවති අරාජික තත්ත්වය පහ කරමින් රට ස්ථාවර කිරීමේ අරමුණින් මෙවැන්නක් සිදුකළ බව කියවුණි.
කෙසේ වෙතත්, යින්ග්ලක් ෂිනවත්‍රාගේ රජය පෙරළා දැමීම වෙනුවෙන් පැවති උද්ඝෝෂණ මාලාවේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.