පාකිස්තානයේ හමුදා පාලනයේ පැවති පාසලක් වෙත තලේබාන් ත්රස්තයන් එල්ල කළ ප්රහාරය හෙළා දැකීම ප්රතික්ෂේප කළ එරට රැඩිකල් ඉස්ලාමීය දේවස්ථානයේ පූජකයෙක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.
ඉමාම් අබ්දුල් අසීස් නමැති මෙම පූජක තැන පවසන්නේ තමන්ට එරෙහිව මෙවැනි වරෙන්තුවක් නිකුත් කිරීම ඇදහිය නොහැකි බවයි.
එමෙන්ම, ඊට විරෝධය පළ කරමින් ඇතැම් පිරිස් රතු පල්ලිය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණවලට බලපෑම් කිරීම ගැනද චෝදනා එල්ල වෙමින් තිබේ.
පසුගිය සතියේදී තලේබාන් ත්රස්තයන් පාසලක් වෙත එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයන් 152 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 133 දෙනෙකුම පාසල් දරුවන් වූහ.